විදු ඇසින් ලොව බලන්න අලුත් වැඩක්


විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් විද්‍යාව හා තාක්ෂණවේදය හදාරන සිසුන් සඳහා ජංගම දුරකථන වැඩසටහන් නිර්මාණ කිරීමේ  නව ඉ-ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාපෘති ඒකකය යටතේ ක්‍රියාත්මක මෙය සිංහල භාෂාවෙන් සකස් වන ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා ජංගම දුරකථන වැඩසටහන් ව්‍යාපෘතිය වේ.

සිසුන් හට නව තාක්ෂණය යොදා ගෙන විද්‍යාව පහසුවෙන් හා විනෝදයෙන් ඉගෙනීමට ඉඩ සලසා දීම තුළින් විද්‍යා දැනුම ප්‍රචලිත කිරිම මෙහි  අරමුණ වෙයි. මෙම ව්‍යාපෘතියේ දෙවැනි ජංගම දුරකතන වැඩසටහන ලෙස සිංහල - ඉංග්‍රීසි විද්‍යා පාරිභාෂික ශබ්ද මාලාව නිර්මාණය කර තිබේ.

මේ සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල විද්‍යා වෙබ් අඩවිය වන “විදු මං පෙත‍” හි සුවහස් විදු ජාලය නම් අංශයේ ඇති විද්‍යාවේ දී භාවිතා කරන වචන වල සිංහල අර්ථයන් අඩංගු පාරිභාෂික ශබ්ද මාලාවන් සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇති විද්‍යාව හා සම්බන්ධ පාරිභාෂික ශබ්ද මාලාවන් උපයෝගී කරගෙන ඇත.

මෙම පාරිභාෂික ශබ්ද මාලාව තුළ කෘෂිකර්මය, උද්භිද විද්‍යාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය, රසායන විද්‍යාව, පරිසරය, භූ ගෝලය, පුස්තකාල විද්‍යාව, අණුක ජීව විද්‍යාව, භූ විද්‍යාව, පරිගණක විද්‍යාව, හෙද සහ සත්ව විද්‍යාව යන විෂය කේෂ්ත්‍රවලට අදාළ වචන 90,000 කට අධික ප්‍රමාණයක් අඩංගු වේ.

Sinhala-Science-Glossary Science-Glossary-QR Screenshot_2016-06-02-15-29-47