වෑමැඩිල්ල ජලාශය වාන් දමයි


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල  ප්‍රදේශයට   දිනපතා ඇදහැලෙන වර්ෂාවත් සමඟ මහවැලි ඇළ මාර්ග ඔස්සේ ලැබෙන ජල ප්‍රමාණය අධික වීමත් සමඟ වෑමැඩිල්ල ජලාශය වාන් දැමීම  ආරම්භ වී ඇතැයි වාරිමාර්ග නිලධාරීහු පවසති.

වෑමැඩිල්ල ජලාශය උපරිම ජල සීමාව ඉක්මවා ඇති අතර වාන් දමන ජලය මලව  ඔය හරහා ඉබ්බන් කටුව ජලාශයට ලැබෙන බවත් වාරිමාර්ග නිලධාරීහු පවසති.

වාරිමාර්ග ජලාශයක් වන වෑමැඩිල්ල ජලාශය වාන් දැමීමත් සමඟ බොහෝ දෙනෙකු වානෙන් එළියට එන මත්ස්‍යයන් අල්ලා ගැනීම සඳහා කටයුතු යොදන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.