(රංජිත් රාජපක්ෂ )
හැටන් වටවල සිට හැටන් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට දක්වා සේවකයින් ප්‍රවහනය කළ වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම වැන් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.
අද (18) උදැසන 7.15 පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදි මෙම අනතුර සිදු වී ඇත.
අධික වේගයෙන් ධාවනය වි ඇති වැන් රථය පැවති අයහපත් කාලගුණයත් සමඟ මාර්ගය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
වැන් රථය අනතුරට පත් වන අවස්ථාවේ සේවකයන් පස් දෙනෙකු පමණ වැන් රථයේ ගමන් කර ඇති අතර එම අනතුරින් ඔහුන් හට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව හැටන් පොලිසිය කියයි.