වෑන් රියක් අඩි 300ක ප්‍රපාතයකට පෙරැළෙයි


රංජිත් රාජපක්ෂ   
                     
කොළඹ සිට තලවකැලේ ආගරපතන දක්වා ධාවනය වු කුඩා වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300 ක් පමණ යුත් ප්‍රපාතයකට පෙරලී එම වෑන් රථයේ  රියදුරා සහ වෑන් රථයේ ගමන් ගත් අයෙක් බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහලට මාරු කර තිබේ.


අද (24) අලුයම 1 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවත් තලවකැලේ ආගරපතන ප්‍රධාන මාර්ගයේ නාගසේන තිස්පනේ ප්‍රදේශයේදීය.


ධාවනය වෙමින් තිබු වෑන් රථය මාර්ගයේ ඉවතට පැන ප්‍රපාතයේ තේ වු වත්තකට පෙරලී ඇති බවත්,වෑන් රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී තිබේ.