වෑන් රිය පෙරලී තරුණයෙක් මරුට



 
 

(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
  
වෑන් රථයක් පෙරලී යාමෙන් එහි ගමන් ගත් 21 හැවිරිදි තරුණයකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (2) අලුයම  මිය ගොස් ඇති අතර  වෑන් රථයේ රියදුරා තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලිසිය කියයි.


බේරතුඩුවේ පැවති මංගල උත්සවයකට සහභාගිවී තරුණයින් 7 දෙනෙකු මෙකී වෑන් රථයෙන් ගමන් කර තිබේ. ඇල්පිටිය  පිංකන්ද අක්කර 20 මාර්ගයේ දී වෑන් රථය  පෙරේදා (01) රාත්‍රී රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවිමෙන් පෙරලි ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත. 


මෙම අනතුරෙන්  බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා අද (2) මියගොස් ඇති බවද හික්කඩුව පොලිසිය පවසයි.