(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ගිනිගත්හේන - පඹහේන ප්‍රදේශයේ වෑන් රථයක් පස් කන්දක ගැටී සිදු වු අනතුරකින් වෑන් රථයේ රියදුරා ඇතුළු 13දෙනෙකු තුවාල ලබා ගිනිගත්හේන රජයේ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන නගරයට ආසන්න ගිනිගත්හේන පොලිස් වසමට අයත් බඹහේන ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස්කන්දේ ගැටී මාර්ගය හරහා ඇදී ගොස් මෙම අනතුර සිදුව තිබේ.
එම අනතුරෙන් එහි ගමන් ගනිමින් සිටි පුද්ගලයින් 15දෙනෙකුගෙන් 13දෙනෙකු තුවාල ලැබීම නිසා රෝහල් ගත කර ඇත. එයින් පුද්ගලයින් 6කට පමණ බරපතල තුවාල සිදු වී ඇත. මූලික ප්‍රතිකාරවලින් අනතුරුව තුවාලකරුවන් 9දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය රජයේ මුලික රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කරන බව වෛද්‍යවරු පැවසීය.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ, ගම්පහ ප්‍රදේශයේ සිට ඥාතියෙකුගේ අවමඟුල් නිවසක් වෙත නුවරඑළිය ප්‍රදේශයට පැමිණ නැවත නිවස වෙත ගමන් ගනිමින් සිටින අතරතුරය.
අනතුරට හේතුව රියදුරාට නින්දයාම හෝ රථය පාලනය කරගත නොහැකිව වේගය විය හැකි බව පොලිසිය අනුමාන කරයි. ගින්ගත්හේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.