වෑන් රථයක ගැටී තරුණියක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදා සෙබලෙකු පැදවූ වෑන් රථයක් බන්ඩාරගම වැල්මිල්ල  අලොතියාව ප්‍රදේශයේදී තරුණියක පැදවූ  යතුරුපැදියක අද (30) ගැටීමෙන්  තරුණිය එම ස්ථානයේදීම  මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බන්ඩාරගම වැල්මිල්ල මෛත්‍රී මාවත තුන් වන පටුමග පදිංචිව සිටි වරුනිකා මධුෂානී නැමැති 28 හැවිරිදි  තරුණියකි.

එම අනතුරින් පසු  කුපිත වූ ප්‍රදේශවාසීන් වෑන් රථයට පහර දී ඇතැයි බණ්ඩාරගම පොලිසිය පැවසීය.