(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කොළඹ හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී අද (5) අලුයම සිදුවු වෑන් රථ අනතුරකින් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
කිලිනොච්චි සිට කොළඹ බලා ගමන් කරමින් තිබු වෑන් රථයක් හා කොළඹ සිට හලාවත දක්වා එමින් තිබු වෑන් රථයක් මාදම්පේ ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
කිලිනොච්චිය සිට කොළඹ බලා ගමන් කළ වෑන් රථයේ රියදුරුට නින්ද අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.