(ඞී.කේ.රත්න)
වැල්ලවාය මොනරාගල ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවාය ආනපල්ලම ප‍්‍රදේශයේදී අද (06) හවස 6.30 ට පමණ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
මෙම අනතුරින් එම ස්ථානයේ මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි වැල්ලවාය වරුණගම පදිංචි වයස අවුරුදු 55 ක කාන්තාවක් සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි බුත්තල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක කාන්තාවක් මියගොස් තිබේ.
වැල්ලවාය ප‍්‍රදේශයේ සිට බුත්තල දෙසට ධාවනයවෙමින් තිබූ ලොරි රථයක් සහ බුත්තල ප‍්‍රදේශයේ සිට වැල්ලවාය ප‍්‍රදේශයට ධාවනයවෙමින් තිබූ වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මියගිය කාන්තාවන් දෙදෙනාගේ මෘත දේහ වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇත. වැල්ලවාය පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.