වැසි සහිත සුළගෙන් මොරටුවේ නිවාස 20 කට අධික සංඛ්‍යාවකට හානි


 

(රේඛා තරංගනී ෆොන්සේකා)

වැසිබර කාලගුණික තත්ත්වයත් සමඟ මොරටුව ප්‍රදේශය පුරා හමාගිය දැඩි සුළං තත්ත්වයෙන්  නිවාස 20 කට වැඩි සංඛ්‍යාවක් ආපදාවට ලක්වී ඇතැයි  දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර සම්බන්ධිකාරක අනුර කලංසූරිය මහතා පැවසීය.

වැස්සත් සමග හදිසියේ ඇතිවුණු දැඩි සුළගෙන් නිවාසයන්හී වහල ද මේ වන විට දැඩි ලෙස හානියට පත්වී ඇති අතර ධර්ම විජයාරාම විහාරයේ ධර්ම ශාලාවේ වහලේ කොටසේ ද ගසාගෙන ගොස් ඇතැයි ඒ මහතා පැවැසීය.

බටහිර ඉදිබැද්ද ග්‍රාම සේවා වසම,ඉහල ඉඳිබැද්ද පාර ජෝන් සැමුවෙල් මාවත, ආවාස පාර, යන ප්‍රදේශයන්හි නිවාස විස්සකට අධික සංඛ්‍යාවක් මේ වන විට ආපදාවට ලක්වී ඇත.

මේ අතර වඩු මඩුද විශාල ප්‍රමාණයක් තිබෙන බව සඳහන් කරන ඒ මහතා අදාල ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් සහන කණ්ඩායම් ඒ වෙත පිටත් කර යවා ඇතැයි වැඩිදුරටත් පැවසීය.

මොරටුව ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතාගේ උපදෙස් මත ඉදිරි සහන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.