වැස්සෙන් නුවරඑළියේ පුද්ගලයින් 197ක් පීඩාවට


(ශාන්ත චන්ද්‍රසිරි)


වැසි සහිත කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 46 ක පුද්ගලයන් 197 ක් අද (14) වනවිට අවතැන්ව ඇතැයි නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර  මහතා සඳහන් කළේය.


නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නානුඔය, ඇබස්ඩෝඩ් වත්තේ පවුල් නවයක පුද්ගලයන් 30 කු හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඔය ග්‍රාම නිලධාරී වසමේ පවුල් 37 ක පුද්ගලයන් 167 ක් දැනට මෙසේ අවැතැන්ව ඇති බවත් ඔවුන් අවැතැන් කඳවුරු දෙකක තාවකාලිකව නවතා ඇතැයිද ඒ මහතා පැවැසීය.


දික්ඔය වත්තේ අවැතැන් පිරිස් හල් දෙමළ විදුහල , ඇබස්බෝඩ් වත්තේ අවැතැන් පිරිස් ඇබස්බෝඩ් දෙමළ විදුහලෙහි   තාවකාලිකව නවතා ඇති බවත් ඔවුන්ට අවශ්‍ය සියළුම පහසුකම් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හරහා ලබා දීමටද පියවර ගෙන ඇති බවද නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා වැඩි දුරටත් පැවැසීය