වැස්සෙන් පුත්තලමේ පවුල් 4256 අවතැන්


( ජුඩ් සමන්ත)


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4256ක පුද්ගලයින් 12760ක් අවතැන්වී සිටින බව වාරි මාර්ග,ජල කළමණාකරණ සහ ආපදා කළමණාරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.


එහි පිරිස් සදහා සුරක්ෂිත කදවුරු 59  ක් දිස්ත්‍රික්කයේ ස්ථාපනය කර ඇති බවද රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිවරයා මෙසේද කියා සිටියේය.


මේ වන විට දිවයිනේ දිස්ත්‍රික් 10 ක පවුල් 9887 ක පුද්ගලයින් 38,409 දෙනෙකු අධික වැසි හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.මරණ 08 ක් සිදුවී ඇති බව වාර්තා වනවා.මේ කිසිදු මරණයක් රජයේ නොසැලකිල්ල හේතුවෙන් සිදු වූවා නෙමෙයි.රජය සියළුම මාධ්‍ය සහාය කරගෙන පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර ජනතාව දැණුවත් කිරීමට කටයුතු කරනවා.නමුත් මේ නිවේදන නොසලකා හරිමින් ඇතමුන් බැස යන ජලය බලන්න යනවා. මෙය ඉතාමත්ම අවදානම් තත්ත්වයක්.ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනතාවට ඡායාරූප ගැනීම සදහා කිසිවෙකු ජලය බැස යන ස්ථාන වලට නොයන ලෙසයි.