(ප්‍රින්ස් රත්නායක)
පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මිලිලීටර් 150 ට අධික වැසි වාර්තා වූයෙන් ඇතැම් ප්‍රදේශයන් අවදානම් සහිත බැවින් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
කළුතර, ගාල්ල, දොඩංගොඩ , අවිස්සාවෙල්ල, ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, ඉඩංගොඩ ප්‍රදේශයන්ට මෙම අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත ජයසුන්දර මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින තත්වය මෙසේ විස්තර කළේය.
“24 වැනිදා දවසේ කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රදේශයන්ට මිලිමීටර් 150 ඉක්මවා තද වැසි පැවතුණා. 24 දා 6 න් පස්සේ අපි අනතුරු නිවේදනයක් නිකුත් කළා අද (25) දවස තුළත් ජනතාවට විමසිලිමත්ව පසුවන්න කියා. බළන්ගොඩ ඉඹුල්පේ කොළොන්න ප්‍රදේශයන්ටත් මිලිමීටර 60 ක වගේ වර්ෂාවක් තිබුණත් එය නාය අවදානම් තත්වයක් නොවෙයි. ” යැයි වැඩිදුරටත් පැවසීය.