වැලිමඩ - බදුල්ල ප්‍රධාන මාර්ගය මීදුමෙන් වැසෙයි



( ඩි.කේ.රත්න )


හාලිඇල ඇටම්පිටිය ප‍්‍රදේශයට මේ දිනවලදී  ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව සමඟ  වැලිමඩ බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය නගරයේ සහ ඒ අවට ප‍්‍රධාන මාර්ගයේ අද (16)  උදෑසන සිට දැඩි මීදුමක්  පැවතීමෙන්  මාර්ගයේ රථවාහන ධාවනයට දැඩි බාධා එල්ලවිය.


මෙම දැඩි මීදුම උදෑසන සිටම ආරම්භ වී දහවල් වනතුරුත් එක දිගටම කිසිදු අඩුවක් නොමතිවීම පැවතීම හේතුවෙන් මෙම මාර්ගයේ රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන් දැඩි අපහසුතාවයකට පත්වූහ.


දැඩි අඳුර සමඟ  මාර්ගය නෙපෙනෙන තරමේ දැඩි මීදුමක් පැවතීමත් ඇටම්පිටිය නගරය හා ඒ අවට ප‍්‍රධාන මාර්ගය දැඩි බෑවුම් සහිත ප‍්‍රපාතයක්  පැවතීමත් නිසා මෙම මීදුම් පවතින අවස්ථාවලදී රථවාහන අනතුරු ඇතිවීමේ වැඩි ප‍්‍රවණිතාවයක් පවතින බැවින් මෙම මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී ඉතා ප‍්‍රවේශමෙන් රථවාහන ධාවනය කරන්නයි ඇටම්පිටිය පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.