වැලිකන්දේ වෙළඳ සැලකින් පතුරම් හයක් සොයාගනී


(ඩබ් ඒ පියතිලක)

වැලිකන්ද නගරයේ වෙළඳ සැලක් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ බොර 12 අවි සඳහා භාවිතා කරන පතුරොම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව  අරලගංවිල විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවසීය.

අරලගංවිල විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරක් අනුව වැලිකන්ද නවනගරයේ පිහිටි වෙළඳ සැලක් අද (01) පරීක්ෂා කිරීමේදී එහි තිබි බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන පතුරොම්  හය සමඟ වෙළඳ සැල භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

වෙළඳ සැලේ හිමිකරු කාත්තන්කුඩි  ප්‍රදේශයේ අයෙකු බවත් සෝදිසි මෙහෙයුම සිදු කරන අවස්ථාවේ වෙළඳ සැලේ හිමිකරු  එහි නොසිටි බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.