(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, රුහුණුකෙත හන්දිය ප්‍රදේශයේ දී අද (24) සිදු වූ අනතුරකින් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් කාන්තාවක ඇතුළු තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.
එළවළු තොගයක් රැගත් ලොරිය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අනතුර සිදුව තිබේ.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ දිඹුලාගල,කලුකැලේ ප්‍රදේශයේ පදිංචි පිටවල ගෙදර පොඩි අප්පුහාමි නැමැති 70 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (24) පැවැත්වීමට නියමිත ය.