(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මල්ලාවි පොලිස් වසමේ කල්විලාන් ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් එහි රියදුරු මිය ගොස් ඇති බවට මල්ලාවි පොලීසිය පවසයි.
කල්විලාන් ප්‍රදේශයේ පාලියාරු ඔයේ ගොඩදමන ලද වැලි ට්‍රැක්ටරයට පුරවා ඔයෙන් ඉවතට ගැනීමට උත්සාහ ගැනීමේදී වැලි ට්‍රේලරයේ බර වැඩි වීම හේතුවෙන් ට්‍රැක්ටරයේ ඉදිරිපස කොටස රියදුරුත් සමග එසවී පිටුපසට පෙරලී ගොස් ඇත.
එහිදී රියදුරු ට්‍රැක්ටරයට යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
මිය ගොස් ඇත්තේ තුනුක්කායි ප්‍රදේශයේ පදිංචි තම්බිමුත්තු සුරේස්කුමාර් නැමිති තිදරු පියෙකු බවට අනාවරනය වී ඇත.
ට්‍රැක්ටරයේ රියදුරුගේ අපරීක්ෂාකාරීබව හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මල්ලාවි පොලීසිය වැඩිදුරටත් පැවසීය.