(සුමතිපාල දීයගහගේ )
නීතිවිරෝධි ලෙස ගිං ගඟේ වැලි ගොඩ දමමින් සිටි දෙදෙනෙක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ එහි රියදුරු ද අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය පවසයි.
ගිං ගඟ ආශ්‍රිතව බිංගාවල තොටුපොළන් සැකකරුවන් දෙදෙනා විසින් ගොඩ දැමු වැලි අත්අඩංගුවට ගත් ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් තිබු බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
බිංගාවල තොටුපොළෙන් ගොඩ දමන වැලි මෙම ලොරි රථයෙන් ප්‍රවාහනය කිරිමේ ජාවාරම දිගටම කර ගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.