චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු
තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලීමකින් පසුව ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට ප්‍රදේශයේ වැඩබිම් වලට පැන මුරකරුවන් බිය ගන්වා ඉන්ධන පැහැර ගැනීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් 6 දෙනෙකු අද (1) අම්බලන්තොට දී අත්අඩංගුවට ගනු ලැබීය.
ඊයේ (31) සවස අම්බලන්තොට දී අත්අඩංගුවට ගනු ලැබූ මංකොල්ලකරුවන් තිදෙනාගෙන් ලද තොරතුරු වලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු පැහැර ගන්නා ලද ඩීසල් ලීටර් 800 ක් සමඟ ලිහිසි තෙල් තොගයක් සොයා ගත් බව පොලීසිය පවසයි.
මීට අමතරව මොවුන් විසින් මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවන්ගෙන් පැහැර ගන්නා ලද රන්මාල කිහිපයක් ද සොයා ගැනීමට පොලීසිය පරීක්ෂණ සිදු කරමින් පවතී.