සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද
වාලම්පුරි දෙකක් සමඟ හිමිනමක් සහ තවත් පුද්ගලයකු මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට මුහුදු වෙරළ තීරයේදී කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම හිමිනම සහ අනිත් පුද්ගලයා පරික්ෂා කිරිමේදී ඔවුන් ළඟ තිබි මෙම වාලම්පූරි දෙක සොයා ගෙන ඇත.
රතු පැහැයෙන් යුත් එක් වාලම්පුරියක් අඩි එකයි අගල් එකොළහක් පමණ දිග අඩි එකයි අගල් පහක් පමණ වටප්‍රමාණයෙන් යුතු බවද අනාවරණය වී තිබේ.
සැකකාර හිමිනම අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි අතර සැකකරු බොරලැස්ගමුව කැස්බෑව පාරේ පදිංචිකරුවෙකි.
වාලම්පුරි දෙක රැගෙන මෙම හිමියන් සහ අනිත් පුද්ගලයා මාතරට පැමිණියේ කුමන කාරණයකට ද කියා අනාවරණය වී නැති අතර කොටවිල පොලිසිය මේ පිළිබඳ පරික්ෂණ පවත්වයි.