වාරික නොගෙවූ ත්‍රීරෝද රිය පැහැර ගත් පුද්ගලයා අල්ලයි


 

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර සිල්වා ) 

 

වාරික ගෙවීමට අතපසු වූ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා ත්‍රීරෝද  රථයක් බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දී පැහැරගත් පුද්ගලයකු කොස්ගොඩ ඌරගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

සොරාගත් ත්‍රීරෝද  රථය සහ සැකකරු ඒ සඳහා පැමිණි වෑන් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු මූල්‍ය ආයතනකින් ගෙවීමේ පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයට කොරෝනා වයිරස හේතුවෙන් වාරික නිසි පරිදි ගෙවීම,අතපසු වී තිබූ  බව පොලිසිය කියයි .

ත්‍රීරෝද  රථ හිමි පුද්ගලයාගේ පියා හදිසියේ මිය ගොස් තිබූ අතර අවමංගල්‍යය උත්සවය සඳහා අවශ්‍ය  භාණ්ඩ කිහිපයක් ගැනීමට හෙට්ටිමුල්ල ප්‍රදේශයේ වෙළඳසැළකට පැමිණ සිටි අවස්ථාවේදී සැකකරු හොර රහසේ ත්‍රීරෝද  රථය සොරාගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.