වායු රයිෆලයක් - පරිගණක කොටස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොහුවල ග්‍රීන්පාත්හි පිහිටි දෙමහල් පෞද්ගලික ආයතනයක තිබී ටී 56 ගිනි අවියට සමාන වායු රයිෆලයක්, ජංගම දුරකථනයක් සහ පරිගණක කොටස් රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(05) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේ කළමනාකරු සහ සේවකයෙකි.
 
මෙම ආයතනයේ මෘදුකාංග නිෂ්පාදනය කර ඇමරිකාවට අපනයනය කරන ආයතනයක් බවද, එහි හිමිකරු ඇමරිකාවේ පදිංචිව සිටින බව අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.
 
කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

ඡායාරූප - එච්.එම්.ධර්මපාල