ව්‍යාපාරිකයාට පොල්ලෙන් පහර දුන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට



 
 
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
 
හවුල් ඉඩමක පොල් කැඩීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු ව්‍යාපාරිකයකුට පොල්ලකින් පහර දී ඝාතනය කළ බව කියන අඹුසැමි යුවළක් අද  (31) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.

සිද්ධියෙන් මරුමුවට පත්ව තිබුණේ ජෝතිමුණි ගුණරත්න (72) නැමැති ඉඩම් වෙන්දේසි කරුවෙකි.

ඔහුගේ නිවස අසල පිහිටි ඉඩමක සැකකාර අඹු සැමි යුවළ තවත් පුද්ගලයකු සමඟ පොල් කැඩීමට ගිය අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර බහින් බස් වී මෙම ඝාතනය සිදුවී ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වය ඥාතීන් බවද කියති. පහරදීමට උපයෝගී කර ගත් පොල්ල පොලීසියසොයා ගෙන ඇත.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.