(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදා තරුණියන් රවටා විවාහ කර ගෙන මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන දෙවිනුවර ප්‍රදේශයේ තරුණයෙකු සැකපිට අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
ඒ ආකාරයට ෆේස්බුක් මගින් මිතුරුකමක් ඇති කර ගෙන ඔහු සමග නීතයනූකූලව විවාහ වු තරුණියන් සිව් දෙනෙකු පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ඉන් එක් තරුණියක ඒ බව දැන ඔහුගෙන් දික්කසාද වී වෙනත් විවාහයක් කර ගැනීමට සූදානම් වෙද්දී ඔහු තමා සමග පැවති විවාහය හෙළිදරව් කරන බව පවසා එය වසන් කිරීමට රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කර තිබෙන බව පොලීසිය කියයි.
එම පැමිණිල්ල පිළිබඳව විමර්ශනය සිදු කරන අතරතුර සැකකරුගේ අනෙක් විවාහයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇත.
එම විවාහ හතරට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තවත් විවාහ සිදු කර ගන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
එම සැකකරු තමාගේ කඩවසම් පෙනුම උපයොගී කර ගෙන ඡායාරූප ෆේෂ්බුක් ගිණුමේ පළ කර තරුණියන් රවටන අයෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
බහු විවාහය යටතේ ද ඔහුට විරුද්ධව වෙනමම පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලීසිය කරයි.