ව්‍යාජ රැකියා ඒජන්සියක ගමන් බලපත් 88 ක්


(එච්. එම්. ධර්මපාල)

දෙහිවල ගාලුපාර තට්ටු ගොඩනැගිල්ලක කුලියට ගත් කාමරයක පවත්වාගන ගිය ව්‍යාජ රැකියා ඒජන්සියක් වටලා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි. එහි ගමන් බලපත්‍ර 88 ක්, ජාතික හැදුනුම්පත් 26 ක්, රියදුරු බලපත්‍ර 4 ක්, බැංකු ගිණුම් පොත් 6 ක් ද සමග පුද්ගලයන් දෙදෙනකු  දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
           
මෙම කඩය මාසිකව රු 90,000/= ක කුලී පදනම මත පසුගිය ජනවාරි මස සිට මෙම පුද්ගලයා ලබාගෙන තිබේ. නමුත් වෙළදාම් කටයුතු සිදු නොකර කොරෝනා උවදුරත් සමග වසා දමා තිබියදී එහි කබඩ් එකක ගමන් බලපත්‍ර වගයක් දැක පුද්ගලයකු සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරු කිරුලපන පදිංචි වයස 40 හැවිරිදි වියේ පසුවන්නෙකි.
           
පොලීසිය විසින් කඩකාමරය වැටලීමෙන් අනතුරුව මෙම සිද්ධිය යටපත් කිරීම සදහා අල්ලසක් ලෙස  සැකකරු රුපියල් 50,000 ක මූදලක් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දීමට ගොස් තිබේ.

සැකකරුවන්  හා නඩු භාණ්ඩ 5 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.