(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 41 සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු කොහුවල සුපිරි වෙළඳසැලකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම වෙළඳසැලෙන් භාණ්ඩ ලබාගෙන ඒ වෙනුවෙන් ලබාදුන් රුපියල් 500 නෝට්ටු පිළිබඳ ඇති වූ සැකයක් මත ඒ බව පොලිසියට දැන්වීමෙන් පසු කළ පරීක්ෂාවකදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවෝ වයස අවුරුදු 19 - 20 අතර වියේ පසුවන කොළඹ 10 සංඝරාජ මාවතේ පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.