(මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි)
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයේ යෙදුණු පුද්ගලයෙකු එලෙස මුද්‍රණය කරන ලද රුපියල් දහසේ මුදල් නෝට්ටු 48 ක්ද සමගින් හෝකන්දර උතුර ප්‍රදේශයේදී ඊයේ (18) දින රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
නවගමුව පොලිස් වසමට අයත් වැළිපිල්ලෑව සුමනසේකරපුර ප්‍රදේශයේ වෙළඳසල්වලට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදී ගන්නා බවට නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මාර්ග බාධකයක් යොදා අදාල සැක කටයුතු යතුරුපැදිය නවතා සිදු කල පරීක්ෂාවේදී සැකකරු සතුව තිබි එකම අංකයෙහි රුපියල් දහසේ නෝට්ටු 05 ක් හා තවත් අංකයක දහසේ නෝට්ටු 03 ක් හමු වූ බවත් ඒ සමගම සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
පසුව සැකකරුගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී තමා විසින් තම නිවසේදී කුඩා මුද්‍රණ යන්ත්‍රයක් යොදා ගනිමින් අදාල ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයෙහි යෙදුණු බවට සැකකරු පාපෝච්චාරණය කළ බැවින් හෝකන්දර උතුර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
ඒ අනුව සිදු කල පරීක්ෂාවේදී සැකකරුගේ නිවසේ තිබි ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබූ කඩදාසි තොගයක් රුපියල් පණහේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබූ කඩදාසියක් සහ අදාල මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 42 හැවිරිදි විවාහකයෙකු වන කුකුළු මස් ව්‍යාපාරිකයෙකි.
එලෙස අත් අඩංගුවට ගත් රුපියල් දහසේ මුදල් නෝට්ටු මුද්‍රණ යන්ත්‍රය සහ යතුරුපැදිය සමගින් අදාල සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.