ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ සරසවි සිසුවෙක් පොලිස් දැලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුදල් නෝට්ටු  මුද්‍රණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පළමු වසර සිසුවෙකු ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමඟ අද (17) අත් අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.

එම සිසුවාගේ නිවසේ තිබී මුද්‍රණය කළ ව්‍යාජ රුපියල් දහසේ නොට්ටු දෙකක් සහ රුපියල් පන්සියයේ නෝට්ටු දෙකක් ඇතුළු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද ඒ ෆෝ වර්ගයේ කඩදාසි සහ මුද්‍රණය කිරීමට යෝදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් පොලිසිය සොයා ගෙන තිබේ.

සතියකට ඉහතදී පන්සියයේ ව්‍යාජ නෝට්ටුවක් ලබා දී රුපියල් සියයේ පෙරගෙවුම් කාඩ් පතක් ලබා ගත් මෙම තරුණයා නැවත වතාවක් ව්‍යාජ මුදල් නෝට්ටුවක් රැගෙන වෙළඳ සැලට පැමිණ සිටින බව වෙළඳ සැල් හිමිකරු පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය විසින් සැකකාර තරුණයාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.