(ටී. කේ. ජී. කපිල )
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යය වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඉරාක ජාතිකයකු අද (22) ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ඉරාක ජාතිකයා 32 හැවිරිදි වියේ පසුවන්නෙකි.
මොහු පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඇති වූ සැකයක් මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු බ්‍රිතාන්‍යය ජාතිකයකු සේ ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කරමින් තමා බ්‍රිතාන්‍යයේ සිටින තම බිරිඳ බැලීම සඳහා යන බව පවසා තිබේ.
ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී, ඒ තුළ වූ කමිසයක ඔතන ලද සැබෑ ඉරාක ගුවන් ගමන් බලපත්‍රය සඟවා ගෙන තිබියදී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.