පුෂ්පකුමාර මල්ලවආරච්චි
ගවයින් සොරකම් කිරීම සඳහා යොදාගත් බවට සැකකරන ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයක් පස්යාල හන්දිය ආසන්නයේ දී අනතුරකට පත්ව තිබියදී අද (15) සොයා ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
මෙම වෑන් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී පාරේ දකුණු පස බෑවුමකට පෙරලීමෙන් පසු එහි පැමිණි පිරිස පලා ගොස් ඇතැයි අනාවරණය වී ඇත.
වෑන් රථයේ සවිකර ඇති අංක තහඩු හා එහි ඇතුලේ තිබී හමුවූ අංක තහඩු එකිනෙකට වෙනස් ඒවා බව පොලිසිය කියයි.
කඹ කිහිපයක්ද වෑන් රියේ තිබූ හමුවී ඇති අතර මෙහි ගවයින් ප‍්‍රවාහනය කළ බවට සැක කළ හැකි ලක්ෂණ ගණනාවක් දැක ගන්නට ලැබුණු බව පොලිසිය කියයි.