(බුද්ධික කුමාරසිරි )
එකම අංකයෙන් යුත් ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනයේ යෙදුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සමගින් එම මෝටර් රථවල හිමිකරු බව කියන පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි
පිළියන්දල නගරයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් විසින් තාවකාලික අංක තහඩුවක් සවි කර ධාවනයේ යෙදුණු , සුඛෝපභෝගී බෙන්ස් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී තාවකාලිකව සවිකර ඇති අංක තහඩුව පිළිබදව සැක සිතී වැඩි දුරටත් ප‍්‍රශ්න කිරීමේදී එම අංක තහඩුව තමන්ට අයත් වෙනත් මෝටර් රථයක බව සැකකරු පැවසූ බවද පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරුට අයත් එකම අංකයකින් ධාවනය කළ අනෙක් සුඛෝපබෝගි මෝටර් රථයද අත් අඩංගුවට ගැනිමට කටයුතු කල බවද පොලිසිය පවසයි
සැකකරු අතුරුගිරිය මහදෙනිය ප‍්‍රදේහයේ පදිංචි පුද්ගලයෙකි.ඔහු කැස්බැව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.