(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම - බොල්ගොඩ ප්‍රදේශයේදී මහවැලි සංවර්ධන අධිකාරියට අයත් කැබ් රථයක ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස සැකසූ එම වාහනයේ හිමිකරු සහ රියදුරු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථවාහන අංශය කියයි.
පානදුර කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් එම ප්‍රදේශයේ රථ වාහන නඩු ලබාගැනීමේ නිරතව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වාහනයේ හිමිකරු ව්‍යාජ අංක තහඩු සවිකර පානදුර අලුබෝමුල්ල පදිංචි පුද්ගලයකුට රුපියල් 400,000ක මුදලකට උකස් කර ඇති බවත් එම වාහන අංකවලට ව්‍යාජ ආදායම් බලපත්‍රයක් ද සාදා ඇති බවත් අනාවරණය වී ඇත.
මූල්‍ය ආයතනයකට කල්බදු ගෙවීමට ඇති බැවින් ව්‍යාජ අංක තහඩු යොදා ව්‍යාජ ආදායම් බලපත්‍ර සැකසූ බව හිමිකරු පොලිසියට පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.
ව්‍යාජ අංක තහඩු යෙදූ කැබ් රථ හිමිකරු - රියදුරු අත්අඩංගුවට
Recommended Articles