(රොෂාන් ගුණසේකර)
යෝජිත වන අලි කලමණාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වලව ගොවින් අද (20) මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා පැවසීය.
ගොවි සංවිධාන නියෝජිතයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 3ක් ගත වුවත් මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් අද ගොවි නියෝජිතයින් තිදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබීය.
හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලු වලව කලාපයේ ගොවීන් වසර කිහිපයක් තිස්සේ වන අලි ගැටලුවට මුහුණ දීමෙන් ඔවුන්ගේ බව භෝග දේපල සහ ජීවිත රැසක්ද මේවන විට අහිමි වී ගොස් ඇත.
වලව වම්ඉවුර ගොවි සංවිධානය ඇතුලු වලව කලාපයේ ගොවි සංවිධාන 86ක නියෝජිතයින් මෙම සත්‍යග්‍රහයට සහයෝගය පලකරති. මහා සංඝරත්නයේ ආශිර්වාදය පෙරටුකර ගනිමින් අද පස්වරුවේ උපවාසය සදහා පිරිස අසුන් ගත්හ.
තම ගැටලුවට නිසි විසදුම් ලැබෙනතෙක් අරගලය අත් නොහරින බවට ගොවීන් ප්‍රතිඥාවක්ද ලබා දෙන ලදී.