(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වසා දමා තිබෙන සම්බාහන මධ්‍යස්ථානයක් තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක් හා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් අද ( 23 ) මත්ද්‍රව්‍ය හා මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සැකකරුවන් අතර ගුවන් හමුදා සේවයෙන් පළා ආ සෙබලෙක් ද වන බව පොලිසිය සඳහන් කරයි .
මෙම සැකකරුවන් සමඟ හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300 , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20, කේරල ගංජා ග්‍රෑම් 100, ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන මුදලින් රුපියල් 15,000, ජංගම දුරකථන 2 හා විද්‍යුත් තරාදියක් පොලිසියේ බාරයට ගෙන ඇත .