වස්ගමුව වනෝද්‍යානයේ ගංජා හේනක් වටලයි


(ක.ග.කරුණාරත්න)

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වගාකර තිබූ ගංජා හේනක් අද (29)  වැටලූ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ  සුදුකන්ද මැදපිටිය ප‍්‍රදේශයේ පිහිටා තිබූ මෙම ගංජා හේන අක්කර 1 1/2 ක් පමණ බව වනජීවී නිලධාරීහු පැවැසූහ.

වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කිසිවෙකුත් එහි නොසිටි බවත් අඩි 4 ක් පමණ උසට වැඞී තිබූ ගංජා ගස් 3200 කට අධික ප‍්‍රමාණයක් ගලවා ගිනි තබා විනාශ කළ බව එම නිලධාරීහූ පැවසූහ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.