( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව නගරයෙ විවිධ ස්ථානවලින් පාපැදි සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පැවසීය.
වව්නියාව පොලිස් අපරාධ අංශයට ලැබුණු පැමිණිළි වලට අනුව එහි ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ සොරකම් කරන ලද පාපැදි අත්අඩංගුවට ගැනීමට සමත් වීය.
එහිදී සොරකම් කරන ලද පාපැදි 7 ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර සැකකරුවන් විසින් විවිධ ස්ථාන වලින් පාපැදි සොරාගෙන කොටස් කර වෙනත් ස්ථානවලට විකිණීමේ ජාවාරමක නිරතව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව කුගන්නගර් හා යාපනය පූදූර් යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25 සහ 29 යන වයස්හි පසුවන අතර ඔවුන් අද (29) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතයි පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.