(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ලංගම ඩිපෝවේ සේවය කරන සියලුම සේවකයෝ අද (16) බස් ධාවනයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් නිරතවුහ.
රජය විසින් රජයේ සේවකයින් වැඩි කරන ලද රුපියල් 2500 දීමනාව ලංගම සේවකයින්ට ලබා නොදෙන හෙයින් එම රුපියල් 2500 දීමනාව ලංගම සේවකයින්ට ද දෙන්නැයි ඉල්ලා මෙම වැඩ වර්ජනය සංවිධානය කර තිබිණි.
අදාළ දීමනාව රජයේ සෙවකයින්ට ලබා දෙන්නේ නම් තමන්ටද එම දීමනාව ලැබිය යුතු වුවද මෙතෙක තමන්ට එම මුදල් දීමනාව නොලැබීමෙන් දැඩි අසාධාරණයක් සිදු වන බවට වැඩවර්ජනයේ නිරත සේවකයෝ පවසති.