(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන් අද (12) සිට වසා දමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගනු ලැබීය.
පවතින කොවිඩ් 19 වයිරසයේ බලපෑම හා අවදානම හේතුවෙන් අධ්‍යාපන විද්‍යා පීඨයන්හි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඊයේ සවස සිට එම විද්‍යා පීඨයන්හි අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාම කෙරිණි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ වව්නියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානය පාලනය අධීක්ෂණය කරනු ලබන අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයන් අධීක්ෂණය කරනු ලබයි.
මේ අතර වව්නියාව විද්‍යා පීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අද දිනයේදී නිරෝධායනය වන පිරිස් 350 කට අධික පිරිසක් රැගෙනවිත් නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.