වල්ලාපට්ටා කිලෝ 3ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට


(එස් .ඩි. කොඩිකාර )

වල්ලාපට්ටා කිලෝ තුනයි ග්‍රෑම් අටසීයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිටියන, රුවන්කන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මොරවක පොලිසියේ බුද්ධි අංශයට අතුඇළ ප්‍රදේශයේ  කැලෑවකින් වල්ලපට්ටා කපන ලද බවට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පාසල් බෑගයක් මත වල්ලපට්ට බහා බෑගය කරේ එල්ලා ගෙන එය වැසෙන පරිදි පැකට්ටුවක් දමා යතුරු පැදිය ධාවනය කරන අවස්ථාවේ  සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එම බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී පිහියක් සහ අත් කියතක් ද  සොයා ගත් බව  වැටලීම සිදුකර පොලිස්  නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් වල්ලාපට්ටා සහ  සැකකරු ඇතුළු යතුරුපැදිය  මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (22) ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.