(පාලිත ආරියවංශ)
මහියංගණය කෙසෙල්පොතය යාය දොළහ ගොවි ජනපදයේදී පුරුෂයෙකු වල් කපන පිහියකින් කපා ඝාතනය කළැයි සැකපිට 39 හැවිරිදි අනියම් බිරිඳ අද (10) දා අලුයම මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගණඉඹුල්ඔබ්බේ හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩා නමැති 61 හැවිරිදි ගොවිමහතෙකි.
එම තැනැත්තා විවාහක කාන්තාව අතහැර සැකකාර කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත් ඇයද එක් දරු මවක් බවත් පොලිසිය පැවසීය.එසේ සිටියදී එම සම්බන්ධතාවත් නතර කර එම ගම්මානයේම පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් සබදතාවයක් පවත්වාඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
දෙවැනි අනියම් සබදතාවය නතර කර යළි පැරැණි අනියම් බිරිද (සැකකාරිය)සොයා ඊයේ (9) දා රාත්‍රී 11.00 ට පමණ පැමිණි අවස්ථාවේ, රාත්‍රී ඇතිවූ බහින්බස් වීමකින් පසු ඇය විසින් මෙම අපරාධය සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය සඳහන්කළේය.