(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විල්පත්තුව ආශි‍්‍රතව වෙසෙන වල් ඌරන් මරා විකිණීමේ ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අද (16) ජා ඇල රුක්මණී මංසන්දිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය ප‍්‍රදේශයේ පදිංචි මස් වෙළෙඳසැලෙක සේවය කරන පුද්ගලයෙකි.
කුකුල් මස්, ඌරු මස් හා එළු මස් විකිණීම සඳහා බලය ලබාගෙන ඇති මස් කඩයක හොර රහසේ වල් ඌරු මස් විකුණන බවට ලද තොරතුරක් අනුව ගම්පහ වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය සිදුකළ වැටලීමකදී මස් කිලෝ 15 ක් සමඟ සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.