වල් අලී පහර දීමකින් දෙදෙනෙක් මරුට


(ප්‍රියාණි මංගලිකා )

ගල්ගමුව දේවගිරිපුර ප්‍රදේශයේදී  අද (27) රාත්‍රී සිදුවූ වල් අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව ගල්ගමුව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව ගලපිටදිගන,ගල්ලෑවේ පදිංචි නිමල් හේරත් වන්නිනායක නැමැති 40 හැවිරිදි අයෙකු සහ ඔරුගොඩකන්ද,ගල්ලෑවේ පදිංචි ඊ.එම්.පියදාස නැමැති 60 හැවිරිදි අයෙකු බව  පොලීසිය පවසයි.

පුද්ගලයන් පස් දෙනෙකු අසල්වැසි ගමක කුලී වැඩ කර ආපසු නිවෙස් වලට පැමිණෙමින් සිටියදී  දේවගිර පන්සල ආසන්නයේදී  වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති  බවත් තිදෙනෙකු දිව ගොස් ජිවිතය බේරා ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු ගල්ගමුව රෝහලට රැගෙන යාමට පියවර ගත්බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.