අනීෂා මානගේ
වලස්මුල්ල නගරයේ පැවැති සංගීත සංදර්ශනයක් පැවති අවස්ථාවේදී හා ඉන්පසුව කාලයේදී සිදුකළ විශේෂ පරික්ෂාවකදී අශෝබන අයුරින් හැසිරුණු, ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයින්, බිමත්ව රියපැදවූ අය හා අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි වූ පුද්ගලයින් විසිදෙනෙකු වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වලස්මුල්ල නගරයේ මහජන ක්‍රීඩාංගනයේදී ඊයේ(28) සංගීත සංදර්ශනයක් පැවැති අතර රාත්‍රී 9.00 සිට අද (29) අළුයම 1.30 දක්වා කාලය තුළදී මෙම විශේෂ පරික්ෂාව සිදුකර තිබේ.
සංදර්ශනය පැවැත්වූ ස්ථානයේ අශෝබන අයුරින් හැසිරුණු පුද්ගලයින් 15 දෙනෙකු හා ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සංදර්ශනය අවසන් වූ පසුව සිදුකළ පරික්ෂාවේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයකු හා අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (29) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.