වරෙන්තුකරුවකුගෙන් උණු වතුර පහර ලැබූ කොස්තාපල්වරු දෙදෙනෙක් රෝහලේ



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට හොරණ කුඹුක ප්‍රදේශයේ නිවසක් වෙත ගිය මොරගහහේන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු සැකකරුගේ යකඩ ඉනි සහ උණු වතුර ප්‍රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
 
මෙසේ තුවාල ලබා ඇත්තේ පොලිස් කොස්තාපල් රවින්ද සහ ශාන්ත යන නිලධාරීන් දෙදෙනාය.
 
සැකකාර වරෙන්තුකරු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
පොලිස් කොස්තාපල්වරුන්ට පහරදීමට යොදාගත් යකඩ ඉන්නක්, පොරවක් සහ තවත් උපකරණ පොලිස් බාරයට ගෙන ඇත.