පාලිත ආරියවංශ
බදුල්ල අධිකරණයේ විභාග වන අපරාධ නඩුවකට අදාළව අධිකරණය මඟහැරීම නිසා වරෙන්තු ලබා සැඟවී සිටි සැකකරුවකු මෙරට නිපදවන ලද තුවක්කුවක් සමඟ ගලඋඩ ප්‍රදේශයේ අද (21) අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
ඔහු විසින් ඝාතනය කර මස් කරන ලදැයි සැකකරන ගෝනකුගේ අස්ථි කොටස් ද මස් කිලෝ තුනක් සහ හිස කොටස ද සොයා ගැනීමට හැකිවු බව පොලිසිය සඳහන් කරයි.
ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර හා බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.