වරෙන්තු 9 කට සම්බන්ධ සැකකරුවකු කොටපොළින් අල්ලයි


(එස්. ඩී.කොඩිකාර)
 
ගෙවල් බිඳුම් ඇතුළු දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ විවෘත වරෙන්තුවක් ඇතුළු දින වරෙන්තු 9 ට සම්බන්ධ සැකකරුවෙකු අද (28) කොටපොළ,හිගුරුපනාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු (34) හැවිරිදි කොටපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.
 
සැකකරු දෙනියාය,කොස්මෝදර,ඌරුබොක්ක,කනංකේ,මොරවක,පිටබැද්දර,අකුරැස්ස පොලිස් බල ප්‍රදේශවල ගෙවල් බිඳුම් ඇතුළු දේපළ සොරකම් කිරීම් වලට සොයමින් සිටි එම පොලීසිවලට අවශ්‍යව සිටි සැකකරුවෙකි.
 
පොලිස් විශේෂ කාර්යාංශයට  ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.