(සම්පත් ප්‍රියනන්දන)
නවක වදය ලබා දුන්නා යැයි චෝදනා කරමින් වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු දින 70 ක් සිර ගත කර ඇතැයි පවසමින් සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (01) කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියේ විරෝධතාවයක නිරතවුහ.
විරෝධතායේ නිරත සිසුන් කියා සිටියේ වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර විශ්ව විද්‍යාලය තුළ ගැටුමක් ඇති වී තිබෙන බවත් එයට බොරු චෝදනා නගමින් නවක වදය ලබා දුන්නා යැයි පවසමින් මෙලෙස සිරගත කර ඇති බවයි.