(ජූඩ් සමන්ත)
වයඹ පළාත තුළ සේවය කරන සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට ක්ෂෙත්‍ර රාජකාරි වලින් ඉවත්වී සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
තලවිල දේවස්ථානයේ මාර්තු මංගල්‍යය අවස්ථාවේ සෞඛ්‍ය රාජකාරි සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිමි අතිකාල දීමනා මෙතෙක් ලබා දීමට වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර නැත. ඊට විරෝධය පල කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයේ සෞඛ්‍ය රාජකාරි වර්ජනය කිරීම මුලින්ම සිදු කරන ලදී. පසුගිය 03 වැනිදා ඔවුන් ලෙඩ නිවාඩු වාර්තා කළ අතර,04 වැනිදා සිට ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත් විය.
මෙම තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අවට ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා සිදු කරන දූමායන කටයුතුද ඇණ හිට ඇත.
මේ දිනවල ආරම්භ කර ඇති හලාවත - මුන්නේෂ්වරම් දේවාලයේ සෞඛ්‍ය රාජකාරි වලින් ඉවත් වීමටද පසුගිය 07 වැනිදා රැස්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුත්තලම දිස්ත්‍රික් සංගමය තීරණය කරන ලදි.
පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන තම සාමාජිකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පල කිරීම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 10 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරන ලදි.
අද 11 පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන නමුත් ක්ෂෙත්‍ර රාජකාරි වලින් බැහැර වීමට ඔවුන් තීරණය කර ඇත.
පවතින ගැටළුව විසදීම සදහා සෞඛ්‍ය බලධාරීන් තව දුරටත් කටයුතු නොකරන්නේ නම් ඉදිරි සතිය තුළ දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂෙත්‍ර රාජකාරි වලින් ඉවත් වීමටත්,අතුරු වෛද්‍ය සේවා සමග එක්ව වැඩ වර්ජනයක් කරා යාමටත් තම සංගමය සුදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 65 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 137 දෙනෙක් සේවය කරති.