වන්දනා නඩයක් රැගත් බසයක් පෙරැළී 15ක් රෝහලේ


(දිලීප් ජයසේකර)
 
වන්දනා නඩයක් රැගත් බස් රථයක් අද (28)  බුන්දල කිරින්ද මාර්ගයේ ඌරණිය වංගුව අසළ මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් පුද්ගලයන් 15ක් තුවාල ලබා ඇත.                                    

මෙලෙස අනතුරට පත් වුයේ කළුතර අගලවත්ත බෙල්ලන ප්‍රදේශයේ වන්දනා නඩයක් රැගෙන කතරගම වන්දනාවේ ආ බස් රථයකි.                                              
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ වන්දනාකරුවන් 45 දෙනෙකු සිට ඇත.

අනතුරින් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර  තවත් 14 දෙනෙකු සුළු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.                                                     

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.