වනඅලි ගැටළුවට තෙවරප්පෙරුමගෙන් විසඳුම්



 
 
(දිලීප් ජයසේකර)                              

    
සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ වන අලි ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීම ජුනි 26 වැනි දා ආරම්භ කරන බව වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසිය.


වන අලි ගැටළුවට වහා විසඳුම් ලබාදෙන ලෙස සුරියවැව නගරයේ ආරම්භ කර තිබු මාරාන්තික උපවාසය පැවති ස්ථානයට ඊයේ (21) රාත්‍රී පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසුවේය.


ගොවීන්ගේ මාරාන්තික උපවාසයේ නිරත ස්ථානයට රාත්‍රී 8.30ට පමණ පැමිණි අමාත්‍යවරයා එම අවස්ථාවේදීම අදාළ ඉහළ නිළධාරීන් සමඟ සාකච්ඡා කර ගොවි ජනතාව සඳහා ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නේ තමන් ද එළඹෙන 26 වැනි දා මෙම වන අලි මෙහෙයුමට එන බව පවසමිනි.